Asammathayaවර්ථමානයේදි ජීවත්වන අප කරන්නාවූ ක්‍රියාකාරකම් හමුවේ සිදුවන පරිසර විනාශය නිසා අනාගත පරපුරට මේ සුන්දර ලෝකය දකින්නට වන්නේ වාර්තා චිත්‍රපට, ඡායාරූප සහ පොතපතින් පමණක්ම වියහැක.

පරිසරය සුරකින්නට ඔබත් අද සිටම සූදානම් වන්න. ඒ ඔබේ දරුවාගේ අනාගතය උදෙසා වන බැවිනි.


සබරගමුව සරසවිය ලංකාවේ ප්‍රධානයැයි සම්මත සරසවි ගොන්නට අයත් නොවූවද වර්ථමානයේ සරසවි අතර ඉහලින්ම වැජබෙන සරසවි අතරට කෙටි කලකින් පැමිනි සරසවියකි. ප්‍රධාන යැයි සම්මත සරසවි වලට තරම් පහසුකම් නොමැති වුවද, ඒ සරසවි තරම් රජයේ සැලකිල්ලට ලක් නොවූවද සිසුන්, ආචාර්යය සහ අනද්‍යන කාර්යය මණ්ඩලය කරන්නාවු කැපකිරීම් හමුවේ ලද සම්පත්වලින් ඉහලම ප්‍රතිඵල ලබාගන්නා සරසවියකි. ඒ නිසාම රටේ නමගිය සරසවි වලට අභියෝගයක් වන සරසවියක් බව මා මෙහිදී කියන්නේ නිකන් පම්පෝරියට නොව සාක්ශිද සහිතවයි. කෙසේ හෝ ලාංකීය සරසවි ඉහල තැනකට එනවා නම් ඒ මේ රටේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කැපවූ, ජීවිත පවා කැපකල ඒ සිසුන්, ආචාර්ය වරුන් මෙන්ම අදත් ඒ කැපකිරීම් කරන සියළු දෙනාට මෙන්ම අනාගතයේ ඒ කැපකිරීම් කරන්නට එන පිරිසගේද සිත් සතු‍ටු කරනවා නිසැකයි.

නමුත් අදවනවිට සබරගමුව සරසවිය වලපල්ලට ගෙනයන්නේ අකාර්යක්ෂම පරිපාලනය සහ ඊට ඉහල සිට අණදෙන සුදුබණ්ඩා මහතා ඇතුළු පිරිසය. සරසවි සිසුන් ත්‍රස්තාවාදීන් ලෙස සලකන ඔවුන් , තම තමන්ගේ සරසවි ජීවිත තුලදීද නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කැපවුන බව අමතකය, නැතිනම් ඒ කාලයේද අම්බානකටම අලයන්ය (ආත්මාර්ථය මිස පරාර්ථයක් නොමැති පිරිස). බොහෝ අය තමන්ගේ අනාගත සුභසිද්ධිය උදෙසා දේශපාලුවන්ගේ දෙපා ලෙවකන නිවට නියාලුවන් පිරිසකි. ඒනිසාම ජනතාවගේ බදුමුදල් වලින් සරසවියේ කරන්නාවූ සංවර්ධන කටයුතුවලින් කිසියම් මුදලක් ගසා කන්නේ සිසුන්ගේ පමණක් නොව අධ්‍යන සහ අනධ්‍යන සියළුදෙනාගේ ජීවිත පවා අවදානමේ දමමිනි.

සබරගමුව සරසවිය වලපල්ලට යවන්නට පරිපාලනය ක්‍රියාකරන හැටි මෙන්න.

  1. නිසි ප්‍රමිතියකින් තොරව ඉදිකල ව්‍යවහාරික විද්‍යා පීථ සංකීර්ණය, තට්‍ටු 5 ක ගොඩනැගිලි සැලැස්ම තට්‍ටු 3 සීමා කර ඇත (පරිපාලනය එයට හේතුව පැහැදිලි නොකරයි) නමුත් තට්‍ටු3 හැදු එක හොදය, නිසි පස් පරීක්ෂාවකින් තොරව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ඉදිකල මේ ගොඩනැගිල්ල දැනටමත් පැත්තකට ඇලවී ඇත. බිම සහ බිත්ති පුපුරා ඇත. වහලයේ කොන්ක්‍රීට් අතරින් ජලය දේශන ශාලාවලට කාන්දුවේ. තව වසර 2-3ක් ඇතුලත බිමට සමතලා වනු ඇත්තේ සියළු ජීවිත අනතුරේ දමමිනි. ( පසුගියදා බංග්ලාදේශයේ ගොඩනැගිල්ල කඩා වැ‍ටුනාට නොදෙවෙනි වේවි, මොකද සියළු රසායනික ද්‍රව්‍ය ඇති විද්‍යාගාර කිහිපයක්ම මෙහි ඇතිනිසා) හොදම විහිළුව නම් උපකුලපතිතුමා නියෝජනය කරන්නේද මෙම පීථයම බැවිනි.
  2. සරසවිය සතු පිහිනුම තටාකය දැන් වසර 20කට පමණ පෙර ජපන් ඉංජිනේරුවන්  පිරිසකගේ නිර්මානයකි. නමුත් වසර 20ක් තිස්සේ කිසිදු නඩත්තුවක් නොවු එය හදිසියේම අළුත්වැඩියා කිරීම ඉතා අගය කලයුතු කටයුත්තකි. නමුත් එය සරසවි ප්‍රජාවගේ යහපත උදෙසා නොවන වග අපි හොදාකාරයෙන් දන්නා කාරනයකි. සරසවියේ පිහිනුම් කණ්ඩායමට සතියට දින 2ක් භාවිතයට අවසර ඇති අතර අනෙක් සිසුන්හට එය තහනම් කලාපයකි. සරසවි පිහිනුම් තටාකය බාහිර පාර්ශව වලට මිලදීගත හැකි අතර සමාගම් සදහා දිනකට රු 15,000/=  වන අතර පාසල් සදහා රු 5,000/= වේ. මේ නිසා සරසවියේ ආරක්ෂාව, සදාචාරයට දැඩි තර්ජනයක් එල්ලවන අතරම සරසවි ප්‍රජාවට තවටික කලකින් සරසවිය තුල සංචාරක පුරවරයක් දැකගත හැකිවනු ඇත්. මන්ද යත් පිහිනුම් තටාකයට පැමිනෙන පිරිස සරසවි සිරි නරබන්නටද යන බැවිනි. (මේ කාරණාව සදහා සියළු සරසවි ප්‍රජාවගේ විරෝධය දක්වා තිබියදීත් එය ක්‍රියාවට නැංවීමට පරිපාලනය සැරසෙනු පෙනේ)
  3. සබරගමුව සරසවිය මෙතෙක් ක්‍රීඩා පිටියක් නොමැති සරසවියකි, දැන් නව ක්‍රීඩා පිටියක් ඉදිකෙරෙමින් පවතී, එහි වැඩ නිමකරන්නටත් පෙර පසුගිය පෙබරවාරි 02 දින එය ගරු බැසිල් ඇමතිතුමා ලවා විවුර්ත කරගන්නට පරිපාලනය ක්‍රියාකරන්නට හැදුවේ ආණ්ඩුවෙන් ලකුණු දාගන්නටය, නමුත් සිසුන් ඒ අඩුපාඩු පිලිබදව අමාත්‍යංශයට දන්වා යැවීම නිසා ක්‍රීඩා පිටියේ වැඩ අවසන් වනතුරු එයට අත්වත් නොතබන්නට ඇමතිතුමා ක්‍රීයා කරනබවද සරසවි පරිපාලනයර සුද්ද සිංහල පාඩමක් කියාදුන් බවද ප්‍රසිද්ධ රහසකි. නැතිනම් ඕවා විවුර්ත කරාටපසු නැවත අඩුපාඩු හදන්නේ නැත, ඒ ඉතිරි මුදල ලොකු ලොකු අයගේ සාක්කු වලය.
  4. සිසු විරෝධතාවක් ආ සැනින් සරසවිය වසන්නේ සිසුන්ගේ ජීවිත් වසර ගණනකින් පසුපසට ඇද දමමිනි. ඒ විරෝධතාවයට හේතු සොයා පිලියමක් දෙනවා වෙනුවට සරසවිය වැසීම තුලින් වන්නේ සරසවිය පිලිබද වැරදී ආකල්ප සමාජගත කරමිනි, මේ නිසාම සරසවියට එන සිසු පිරිසද අඩුවෙමින් පවති. සිසුන් ගැටළු ඇතිකරයි නම් ඊට අදාල කටයුතු පිළිබදව ශිෂ්‍ය සංගම් හරහා ගණුදෙණු කිරීම තුලින් ගැටළු විසදාගත හැක. මන්ද යත් සබරගමුව යනු කිසිම දේශපාලන පක්ෂයකට කඩේ නොයන එකම සරසවිය නිසා වෙනි. සිසුන් සටන් කරන්නේ කැසිල්ලකට නොව යම් අසාධාරණයක් ඔවුනට උන නිසාවෙනි. නැතිනම් පබහින්නට ගොස් පාර හරස්කර රටේම අවධානය සරසවිය තුලට ගන්නේ නැත.
  5. සබරගමු සරසවි සිසුන් යනු බොහො දකෂතා ඇති පිරිසකි, සරසවිය නියෝජනය කරමින් විවිධ අංශ වලින් ජාතික මෙන්ම අන්තර්ජාතික කීර්තියක් පවා සරසවියට ගෙන දෙන්නට සමත් සිසු සිසුවියන් බොහෝ පිරිසක් ඇත. නමුත් කලාතුරකින් ඔවුන් අගයන්නට සරසවි වර්ණ රාත්‍රියක් පවත්වනවා මිසක වෙන ඇගයීමක් නැත. එක් එක් අධ්‍යනාංශ තම ගුරු සිසු එකතුවෙන් ඒ අධ්‍යනාංශවල දක්ෂයි අගයති. මෙවර අන්තර් විශ්ව විද්‍යයාල ක්‍රීඩා තරග වලදී සබරගමු සරසවි සිසුන් විශිෂ්ඨ දකෂතා දක්වා සහ දක්වමින් පවතී, නමුත් සරසවිය වසා ඇතිනිසා ඔවුන්හට පුහුණු වන්නට තැනක් නොමැත, සමහර ක්‍රිඩා සදහා සරසවියට පැමිණිය හැකි උනත් සිසුන්හට නේවාසිකාගාර දෙන්නේ නැත. හරියට ඒ සිසුන් සියලු දෙනා පබහින්නේ උපන් අය නිසා වෙන නේවාසිකාගාරවල නොසිට ගෙදර සිට එන්නට කියන්නාක් මෙනි. තවද රටපුරා විසිරී සිටින සිසු පිරිස වෙනදා ක්‍රීඩාතරග සදහා ගියේ සරසවි නේවාසිකාගාරවල සිට සරසවියේ වාහනවලිනි, නමුත් මෙවර තම වියදමින් කොලබ පැමින තම මුදලින් බෝඩිම් සොයාගෙන, තම මුදලින් සියළු වියහියදම් දරාගෙන සරසවිය වෙනුවන් ක්‍රීඩා කරති.  මේ ගැන සිතනවිට මට ඔවුන් කෙතරම් ශ්‍රෙෂ්ඨ පිරිසක් දැයි සිතෙන්නේ, ඔවුන් කරන කැපකීරීම මා දැක්ක නිසා පමනක්ම නොවෙයි.
  6. මෙවර සරසවියට අළුතින් බදවාගත් පිරිස වෙනදාටවඩා 500ත්  600ත් අතර ගණනකින් අඩුවී ඇත. ඒ පිරිස බදවාගන්නට කියා සිසුන් බලකරත් සරසවියේ පාලකයින්ට ගානක්වත් නැත. මොකද උන්ගේ දරුවන් විදේශ සරසවිවල ඉගෙන ගන්නා බැවිනි. වසර දෙකක් අපාදුක් විද ලොව අමාරුතම විභාගය සමත් සිසුන්  සරසවි සුදුසුකම් ලැබුවත්  ඔවුනට එන්නට ඉඩක් නොමැත. සරසවිය තමන්ගේ උපාධි පාඨමාලා පිළිබදව නිසි පරිදි විභාගය සමත් සිසුන් දැනුවත් කර නොමැති බව මනාවට කියා පාන්නේ  ව්‍යවහාරික විද්‍යාපීඨයේ සිසුන් 55% මෙවර නොපැමිණීම නිසාවෙනි. තවද Physical Science සහ Natural Resources යන උපාධි පාඨමාලා සදහා කිසිවෙකු ලියාපදිංචි වී නොමැත. උපකුලපතිතුමාගේ Natural Resources අධ්‍යනාංශයද ඒ අතර තිබීම හාස්‍යයට කරුණකි.

මෙවන් කාරන්න රාශියක් තව කියන්නටද තිබේ, නමුත් ඒවා පසුවට කියමි. හොද හොද දේ පසුවට කියවේවි.

මෙවන් කාරණා උදෙසා සරසවි සිසුන් පෙලගැසී විරෝධය පළකිරීම වැරදිනම් ඔවුන් පාඩුවේ කට වසාගෙන් ඔවුන්ගේ අධ්‍යාපන කටයුතු කරගනීවි. මොකද ඔවුන් සරසවි පැමිනි ප්‍රධාන කාරණය එය නිසාවෙන්, නමුත් වරද දු‍ටු තැන එයට එරෙහි නොවී නැට්ට පශ්චාත් භාගයේ ගසාගත් බල්ලන් මෙන් සරසවි සිසුපරපුරක්  අනාගතයේ බිහිවේවි. රටේ අනාගතයට එවිට අපිට කියන්නට වන්නේ “සුභ අනාගතයක්” කියලා තමයි. මොකද රටේ බුද්ධිමත්ම සිසු පිරිසත් පාසල් සිසුන් මට්ටමට පත්වුනාම රටේ අනාගතය බාරගන්න ඉන්න පිරිස ලදරු මානසිකත්වයකින් ඉන්න නිවටයින් පිරිසක් වනනිසා.

මොහොතක් හිතලා ඔබත් තීරණයක් ගන්න කුමක්ද කළයුත්තේ කියලා.


asammathaya

අනේ මන්දා…

සමහරු ආදරය නිසා ජීවිත නැති කරගන්නවා
සමහරු ආදරය නිසා ජීවිත නැති කරනවා
සමහරු ආදරය නිසා ජීවිතය පූජා කරනවා
සමහරු ආදරය නිසා ජීවිතය කැපකරනවා
සමහරු ආදරය නිසා ජීවිතය විදවනවා

ඒතකොට මේ ආදරය කියන්නේ මොනවගේ දෙයක්ද?
දන්න කෙනෙක්, අත්විදපු කෙනෙක් ඉන්නවනම් මට කියලා දෙනවද?


asammathaya

asammathaya

හොලිවුඩයේ නිර්මාණයක් වන, ලොව පුරා ජනප්‍රිය සිනමා නිර්මානයක් වන “අයන් මෑන් 3 – Premiere” චිත්‍රපටය එළිදැක්වීමේ උත්සව අවස්ථාව පසුගියදා පැවති අතර එහි රගපෑ හොලිවුඩ් නිළි බෙලා ‍තෝර්න් ලංකාවේ කෙල්ලන් අද පිලිකුලින් දකින ඇදුමක් වන රෙද්ද සහ හැට්ටයකින් සැරසී රතුපලස මත සිට ඡායාරූප සදහා පෙනීසිටි අකාරය ඉහත දැක්වෙනවා.

අපේ කෙල්ලෝ බටහිර ඇදුම් ආයිත්තම් ඇදගෙන යන්තම් විලිවහගෙන බලන අයගේ රාගය, හැගීම් අවුස්සනවට වඩා මේ සරල ඇදුම කොච්චර ලස්සනක් කෙල්ලෙක්ට එක් කරනවද කියලා පොඩ්ඩක් හිතලා බලන්න. නිකමට හිතන්න පොඩ්ඩක් නිර්මාණශීලි උනා නම් මේ ඇදුම කාර්යාලයට යන අයට සාරියට වඩා ලස්සනට හිටීවි.

 

 


asammathaya DSC_0090

මේ අද උදේ පාන්දරම අපේ ගෙදරට ආපු අලුත් අවුරුද්දේ පලමුවෙනි ලියුම. මට කුණුහරුප මතක් වෙන්න කලින් අම්මා ලියුම අරගෙන ගියා. පස්සේ අම්මා එනවා බැනගෙන , මම හිතුවේ මට කියලා. අනේ අපේ අම්මා මට නෙවෙයි බනින්නේ මේ අමන සබරගමු සරසවි පරිපාලනයට.

ඇත්ත තමයි. සිසුන්ගේ වැරදක් තියනවානම් ඒ වැරදි කරපු එවුන්ට තරාතිරම නොබලා දඩුවම් දෙන්නඕනි. ඒකේ දෙකක් නැහැ. හැබැයි වරදක් කරලා නැතුව නිකරුනේ සිසුන් වැරදිකරුවන් කරලා, පන්ති තහනම් කරලා, සරසවිය වහලා සිසුන්ගේ අනාගතය අදුරු කරන්නේ මේ අමන පාලනයම තමයි.

ඇයි යකෝ අපේ අම්මලා තාත්තලාගේ බදු මුදල් වලින් සරසවියේ ගොඩනැගිලි හදන්න ප්‍රතිපාදන වෙන්කරලා, ඒ ගොඩනැගිලි හදන්න ආණ්ඩුවෙම ඉන්ජිනේරු සංස්ථාවට  බාරදීලා හදපු අලුත්ම අලුත් ගොඩනැගිලිවල කොන්ක්‍රීට් තට්‍ටු මැදින වැස්ස දවසට වතුර පන්තිකාමරවලට ලීක් වෙද්දි ඒවා උසස් අධයාපන අමාත්‍යන්ශයට කියපු සිසුන් තමයි වැරදි කරුවෝ.

මහලොකු උපකුලපති තුමාගේ හොර අබුව කරගන්න හදපු අලුත් උපදේශිකාවන් රස්සාවදාලා යනකොට සිසුන්ට විද්‍යාගාරවල උගන්නන්න ඉන්නේ ඒතුමාගේ මෑනියෝ වෙන්න ඇති.

තව කියන්න දේවල් අම්බානකට තියනවා. ඒවා මේ අලුත් අවුරුද්දී කියලා මිනිස්සුන්ගේ හිත් නරක් නරන්න ඕනිනැහැ, ඒත් ඉක්මනටම ඒවත් එලියට දාන්නම්.

Image  —  Posted: 2013 අප්‍රේල් 18 in අධ්‍යාපන, මොහොතක් හිතන්න


asammathaya-boston-marathon-explosion-03-horizontal-gallery asammathaya--boston-marathon-explosion-horizontal-gallery asammathaya--boston-marathon-explosion-horizontal-gallery asammathaya--boston-marathon-explosion-horizontal-gallery asammathaya--boston-marathon-explosion-horizontal-gallery asammathaya--boston-marathon-explosion-horizontal-gallery

ලෝක පොලිස්කාරයා ලෝකයේ ත්‍රස්තාවාදය පරදන්නට ගියත්, තමන්ගේ රටේ සිදුවන ත්‍රස්තවාදී ක්‍රියා නවතන්නට තවමත් සමත්වී නොමැත. එසේනම් අප රටේ වසර 30ක ත්‍රස්තවාදය මැඩලීමට එරෙහිව මානවහිමිකම් ගොස් වැඩක් නැත. තවත් ත්‍රස්තාවාදයට පන දිය යුතු නැත. උගත් පාඩම් වලින් නැවතත් මෙවන් විපත් ලොව කිසිතැනක නොම වීමට සැමදෙනාම එක්ව අත්වැල් බැදගත යුතු කාලයකි මේ.

මේ විපතට පත් සියළුදෙනා වෙනුවෙන් මෙන්ම අනාගත පරපුර වෙනුවෙන් ත්‍රස්තවාදය, යුද්ධය පි‍ටුදැකීමේ සටනක් නැවත ඇරබිය යුතුය.


මේ නව වසර ඔබ සියළුදෙනා හට සුබම සුබ නව වසරක්ම වේවා.. ඔබගේ සියළු පැතුම් ඉ‍ටුවේවා.. ඔබ සැමට යහපතක්ම වේවා…

207466_1827833613338_1165240494_31822223_7962176_n


asammathaya asammathaya


asammathaya

උත්සාහවන්තයා සහ පරාජිතයා අතුරින් ඔබ අයත් වන්නේ මින් කුමන කොටසටද?
ඔබ උත්සාහවන්තයෙකු නම් ඔබ කෙදිනකහෝ ජයග්‍රාහකයෙකු වනු නො අනුමානයි..
නමුත් ඔබ කම්මැලියෙකුනම් සෑම විටම ඔබ පරාජිතයෙකු බවත් මතක තබාගන්න.


asammathaya

අකාලයේ අප අතරින් සමුගත් අපේ ආදරණීය විශාඛා ආනන්ද ගුරුතුමියනි, ඔබ අපට කියා දුන් පාඩම් පාසලේදී පමනක් නොව ජීවිතයටද මහගු මගපෙන්වීමක් විය. විටක ඔබ යෙහෙලියක්, සොයුරියක්, ගුරුතුමියක් පමණක් නොව මවක්ද විය.

එදා අප පොඩි උන් නිසා දගවැඩ අපමණකට කලෙමු, නමුදු ඔබ ඒවා නවතන්නට සිතුවේ නැත. ඒනිසාම ඔබට ආදරය කල සිසු පරපුරක් ඔබ වටා විය. ඒ සිසුන් තුලින් ඔබ ඔවුන්ගේ දක්ෂතා එලියට ගෙන ඔප්නංවනු වස් අපමන වෙහෙස විය. අපි අපි අතර , අපි හිටපු පන්ති අතර තරගයට සිංහල සාහිත්‍ය සමිතියට වෙනසක් කරන්නට, අනිත් අයට වඩා ලස්සනට අළුත් දෙයක් කරන්නට මුල්වූ හේතුව ඔබයි. සමහර විටක ඔබගේ ගණිත පාඩම වෙලාවේද අපහට ඒ කටයුතු කරගන්නට ඉඩ දුන්නේ ඔබ අප වෙත තැබූ විශ්වාසය නිසයි. අප සෑමදෙනාම එලෙසම විභාග වලදී ඉහල ලකුණු ගෙන ඔබ අපවෙත තැබූ විශ්වාසය කඩ නොකලෙමු.

ඔබ නොවන්නට අපි අතරින් “සක් පුන් භුජ” කලා ප්‍රසංගයක් කෙරෙන්නේ නැත, බාලදක්ෂ සහ බාලදක්ෂිකාවන් සමගින් “ලිප්ටන් සීට්” හයික් යන්නේ නැත.

ඒ ලද පන්නරය තුලින් අද ඔබගේ සිසු පරපුර සමාජයේ උසස් නිලතල, ‍රැකියා දරන බව දැක ඔබ සතුටට පත්වූ බව ඔබ නිතර පවසා ඇත. නමුත් අද පටන් අපට ඔබ දකින්නට නැත, නමුදු ඔබගේ මතකය අප ජීවිතය පුරාවට ‍රැදී තියේවි.

ආදරණීය විශාඛා ගුරුතුමියනි, සසර වසන තුරු ඔබහට මෙවන් අකල් මරණයකට ලක් නොවේවා. ඔබ දෑස් පෑදු සිසුන් අපමණයි, ඒ පින් බලයෙන් අමාමහ නිවන් සුව අත්වේවා.