ඔබ සැමට ලබන්නාවු සි0හල හා හින්දු නව වසර සැපත, සතුට, සාමය සපිරි සුභ නව වසරක් වේවා…….!!!!!


ලා0කිය ජනතාවගේ වැදගත්ම සහ ප්‍රධානතම ස0ස්කෘතික උත්සවයක් වන සි0හල සහ හින්දු නව වසර සැමදෙනාගේම  සැපත, සතුට, සාමය, සමගිය පිලිබද ස0කේතයක් හැටියටත් චාරිත්‍ර වාරිත්‍ර වලින් සපිරි විනෝදාත්මක කාලයක් හැටියටත් සලකනු ලබනවා… ඒ වගේම පරණ තරහාමරහා අමතක කොට නව මිත්‍ර සම්භන්දතා නැදැකම් ඇතිකරගන්නා සේම, තිබු සම්භන්දතා වැඩිදියුණු කරගන්නා ඉතා වැදගත් කාලයක් හටියටත් සලකනු ලබනවා.

හිරු මීන රාශියෙන් මේෂ රාශියට වසරකට වතාවක් ගමන් කිරීම සැමරීම පමනක් නොව ගොවිජනතාව මෙන්ම අනෙක් රැකියාවල නියුතු පිරිස තම සාර්ථකත්වය සමරණ කාලයක් හැටියටත් මෙය හැදින්වෙනවා.අස්වනු නෙලා සතුටින් පසුවන ගොවියා තම විවේක කාලය අර්ථවත්ව ගතකිරිමට මේ නව වසර යොදාගනු ලබයි. විසිතුරු මලින් බරවු ගස් වැල් මෙන්ම, කොවුලා වැනි අවුරුදු සමයට ආභරනයක් බදු සතුන් ද නව වසරට සරසෙනු අපට දැකගත හැක. මෙන්ම අනෙක් සෑම දෙනාම තම ගම් රටවල් බලා යන්නේ තම උපන් ගම අමතක කිරීමට අපහසු නිසාම පමනක් නොව තම ආදරණීයයන් බොහෝමයක් ගමේ සිටින නිසාවෙනි.

එමනිසා මෙවර අලුත් අවුරුදු සමය අර්ථවත්ව ගතකිරීමත්, අන් අය සමග සහයොගිතාවය ඇතිකරගැනීමත්, ස0ස්කෘතික ආගමික කටයුතුවලට මුල්තැනදී කටයුතු කිරීමත් ඉතාවැදගත් කටයුත්තක් ලෙස සලකා කටයුතු කරන්න. ගිනිකෙළි වලින් පරිස්සම්වීමද වැදගත් කරුනක් ලෙස නිතර මතක තබාගන්න. නැතිනම් නිකරුනේ තම විනොදය කදුලක් කරගන්නට එපා.

 

ඔබ සියලු දෙනාගේ සියලු බලාපොරොතු ඉටුවන කිරියෙන් පැනියෙන් ඉතිරුණු සුභම සුභ නවවසරක් වේවායි අසම්මතය ලියන මම හදවතින්ම පතනවා …..!!!!

3 thoughts on “ඔබ සැමට ලබන්නාවු සි0හල හා හින්දු නව වසර සැපත, සතුට, සාමය සපිරි සුභ නව වසරක් වේවා…….!!!!!

ප්‍රතිචාරයක් ලබාදෙන්න