මට යම් පුද්ගලයෙක් හෝ පිරිසක් නිර්නාමිකව බනිනවා මම ආණ්ඩු විරෝධි, පක්ෂග්‍රාහි ලිපි ලියනවා කියලා blog 1


මෙතෙක් කල් මම ලියපු ලිපිවලින් ඔයා වැඩියෙන්ම කැමති ලිපිය මොකක්ද? මගේ ලිපිවල අඩුපාඩුවක්, වරදක් තියනවානම් මට කියන්න. මට පොඩි කරදරයක් වුනා බ්ලොග්1 ලිපි ලියන කාරනා හේතුවෙන්, මට යම් පුද්ගලයෙක් හෝ පිරිසක් නිර්නාමිකව බනිනවා මම ආණ්ඩු විරෝධි, පක්ෂග්‍රාහි ලිපි ලියනවා කියලා. මම ලියන ලිපි ඔයාලට දැනෙන විදිහ මට දැනගන්න ඕනි නිසයි මම මේ විදිහට ඔයාලගෙන් අහන්නේ. මම කොහොමත් ලිපි ලියන1 නතර කරන්නේ නැහැ.මම ඔවට බය වෙන්නේත් නැහැ.

මම කරන්නේ මට හරි කියල හිතෙන දේ. මම කාටවත් කඩේ යන්නේ නැහැ. මම ලියපු ලිපි හැම එකකින්ම ඔයාලට යමක් ගන්න තමයි ලියුවේ. ඉස්සරහටත් ලියන ඒවා එහෙම තමයි. මම නිකන් වල්පල් ලියලා ඔයාලගේ කාලේ නාස්තිකරන්නේ නැහැ වගේම මට වල්පල් ලියන්න වෙලාවකුත් නෑ. අනික මම මාසෙකට ලිපි 3-4කට වඩා දාන්නෙත්නෑ. මම බ්ලොග්1 හිට්ස් වැඩිකරගන්න ආසාවකුත් නෑ. මම ලියන එවට ආස කෙනෙක් ඉන්නවානම් බ්ලොග්1 කියවන්න, ආසනැත්නම් කරුනාකරලා මට බනින්නේ නැතුව තමන්ගේ පාඩුවේ ඉන්න. බ්ලොග් කියන්නේ අදහස් ප්‍රකාශන මාධ්‍යයක්, ඒක හරියට පාවිච්චිකරන්න අපි හැමොම පුරුදුවෙන්න ඔනී.හැම වෙලාවෙම රටට ලෝකෙට වැඩක් වෙන දෙයක් කරන්න මහන්සිවෙන්න. නැතුව අනිත් අයගේ වැරදි හොය හොයා කාලේ නහස්ති කරන්නේ නැතුව.

මගේ බ්ලොග්1 කියවන හැමෝටම ගොඩාක් ස්තුතියි…..

ප්‍රතිචාරයක් ලබාදෙන්න