මාරයාටත් නැවතිය නොහැකි සෙනහසක්….


asammathaya

මේ සිදුවීම කැමරාගත වෙලා තියෙන්නේ පසුගිය වසරෙදි නව රාජ්‍යයක් ලෙස ඇතිවූ දකුණු සූඩානයේදි. සිවිල් යුද්ධය, ආගමික ගැ‍ටුම් නිසා අසරණ වුන දහස් ගණනක් ජනතාව ආහාර, ජලය, නිවාස සහ බෙහෙත් නොමැතිකමින් දරුණු ලෙසා පීඩා විදිනු ලබනවා අදටත්.

මේ එලෙස ආහාර හිග කමින් හාමතේ මියගිය මවක්…. මේ පුන්චි එකා තමන්ගේ අම්මා මියගිය බවනොදැන කුසට අහරක්, කිරි බිදුවක් ඉල්ලා ගන්නට ඇයව ඇහැරවන්නට දරන අහිංසක, දුක්බර උත්සාහයක්. මෙවන් දරුවන් දහස් ගණනක් අදත් ලොවපුරා විසිරී ඇති, අපේ රටේත් අනන්තවත් මැරි මැරී ජීවත් වෙනවා ඇති.

ඔවුනට කුසට අහරක් නැති කමින් දුක් විදිත්දී ඔබ දිනකට කෙතරම් ආහාර ප්‍රයෝජනයට නොගෙන අපතේ යවනවා ඇත්ද? මදක් හිතන්න, තමන්ට අවශ්‍ය පමනට වඩා ආහාර පරිභෝජනයෙන් වැලකී තවත් කෙනෙක් වෙනුවෙන් ඔබේ ඉතිරිය යොදවන්න. එනම් ආහාර පමනක් නොව, නාස්තිය වැලකීමෙන් ඉතිරිවන ඒ මුදලින් කොටසක් දුප්පතුන් වෙනුවෙන්ද යපතක් කරන්නට වෙහෙසෙන්න.

13 thoughts on “මාරයාටත් නැවතිය නොහැකි සෙනහසක්….

  1. අද අප දකින ‍‍ශ්‍රී ලංකාව තුළද මේ තත්වය දැක ගත නොහැකිද? මා හට පෙනෙන ලෙස අධ්‍යාත්මික සුවය සදහා මුල් තැන ලබා දුන් ඒ තුළින්ම අවුරුදු දහස් ගණනක් හික්මුණු ජාතියක්, අද ඔවුන් වෙත බලෙන් පැටවුණු පෙර ඔවුන් සිහින නොමැවූ මහා ලෞකික දියුණුවක් හමුවේ අද අතරමංව ඇති බවක් නොපෙනේද? නිකම් සිට කන්නට බලා සිටිනවා යැයි පෙනන මිනිස් සමූහයක් අපට අද පෙනෙන්නේ ඒ නිසාද? ඒ අපගේ මිනිසුන්ගේ කම්මැලි කමද? මරණය වෙත රැගෙන යන ගවයකු මෙන් බලාත්කාර කමින් වැඩ ගත යුතු ජාතියක් අපට පෙනෙන්නේ ඒ නිසාද? නමුත් ඒ කම්මැලි කමක් නම් ඒ කම්මැලි කම පලා යන සැටි නොහැකියාව හැකියාව වන අයුරු අදටත් රට පුරා සිදුවන කොයෙකුත් පිංකම් ශ්‍රමදාන හා ස්වභාවික විපත් තුළදී ඇති වන ඒක රාශී වීම් තුළින් අපට දැක ගත හැක. මේ තත්වය සැබෑ නම් මෙතෙක් රජ කළ ආණ්ඩු තුළින් ලංකාවේ ජනයා වෙත පොරාන්දු වී ඇති සංවර්ධනය වනාහී වැරදි අර්ථකතනයක්ද? පොරොන්දු වූයේ වැරදි අවශ්‍යතාවයන් රැසක්ද? එය එසේ නම් මේ තත්වය තුළ දිනෙන් දිනම පිරිහෙන අද දකිනා සමාජය විනාශ වීම වළකාලීමට කිසිවිටෙක නොහැකි වනු අතර අවසානයේ ශික්ෂණයෙනුත් තොරවුණු සංවර්ධනයෙනුත් තොරවුණු මහා පීඩනයකට හසුවුණු ජන කොටසක් පමණක් අපට ඉතිරි වනු ඇත.

  2. දශක 3ක් පුරාවට දහස් ගණනක් මිනිසුන් ඝාතනය කරන ලද භූමියක සංහිදියාව වෙනුවට කරමින් ඇත්තේ නැවත වරක් සිය බලය දෙමළ මිනිසාගේ හිස මත පතිත කිරීමය. එල්ටීටීඊ ය සන්නද්ධ ලෙස අවසාන කිරීමෙන් පසු කිරිබතින් මුව පුරවා දකුණේ සිංහල සමාජයේ බොහෝ දෙනා ජයග‍්‍රහණයේ ප‍්‍රීතිගෝෂා කළේය. නමුත් දෙමළ ජනයාට සිය සමීපතමයින් පමණක් නොව සිය ගේදොර ඉඩකඩම් ද මේ වන විට එම ජයග‍්‍රහණය විසින් උදුරා ගනිමින් සිටින විට දකුණේ ජාතිවාදීන්ට එය තවත් මිලේච්ඡ ජයග‍්‍රහණයකි. නමුත් ඒ ‘ජයග‍්‍රහණයේ මිලේච්ඡත්වය’ වෙනත් අයුරකින් තමන්ගේ දොරට තට්ටුකරමින් සිටින බව තවමත් දකුණේ සිංහල ජනයාට ඇසෙන්නේ නැත. එම නිසාම කලූ ජූලියේ වේදනාත්මක මතකයන්, සිය සහෝදර ජනයාට සිදු වූ කුරිරුකමේ තරම ඔවුන්ට වැදගත් වන්නේ නැත. ඒ තරමටම යුද්ධය සහ ජාතිවාදය විසින් දකුණේ සිංහල ජනයාගේ හෘදසාක්ෂිය(?) විනාශකර දමා ඇත. ඇතැම් විට දැනුවත්ව සිය මුග්ධ බලය වෙනුවෙන් මිනිස් ආත්මයම ඊනියා දේශපේ‍්‍රමයට යටකරමින් ඇත.

  3. ලෝකය (විශ්වය) යනුවෙන් අප ව්‍යවහාර කරන මේ සංසාරය සමන්විත වන සියල්ලම ඇති සැටියෙන් අවබෝධ කෙළේ බුදුන් වහන්සේ ය. ඒ අවබෝධය අන් අයටද දේශනා කර සසරෙන් එතෙරවීමට උපදෙස් දුන්නේ “ප්‍රමාදය” නිසා දුකට පත් නොවන ලෙස ද දේශනා කරමිනි. නුතන විද්‍යාවෙන් කුඩා දරුවන්ට පවා කියාදෙන චක්‍ර බොහොමයක් ඇත. අප ඒ කීපයක් ගනිමු. 1) ජල චක්‍රය. 2) ජිවන චක්‍ර (සමනළයන්, මදුරුවන්ගේ වැනි) 3) ආහාර ජාල සහ චක්‍ර. මේ කීපයකි. නමුත් මේ සියල්ලම විද්‍යාවෙන් කීවද අවබෝධ වී ඇත්තේ කාටද? අප එසේ කියන්නේ මේ චක්‍ර වලට පටහැණි විවිධ දේ විද්‍යාව සිදුකරන නිසාය. අප අද වනවිට ශක්තිය ලබාගන්නා ප්‍රධානම ප්‍රභවය පොසිල ඉන්ධනය. මෙය කිසිදාක ප්‍රතිචක්‍රික නොවේ. තවද න්‍යෂ්ඨික ඉන්ධනද එසේය.

  4. සිරිපා කරුණා කරලා ආපසු එන වන්දනාකාරයෙක් එහෙමත් නැත්නම් මඟියෙක් එක්ක බමුණෙක් කරන සංවාදය තමා මේ කවියෙන් ඉදිරිපත් කරන්නේ. බමුණා අහනවා වන්දනාකාරයාගෙන් කියන්න මඟිය කොහේ ඉදන්ද එන්නේ කියලා. මඟියා පිළිතුරු දෙනවා බමුණ, මම සිරිපා කරුණා කරලායි එන්නේ කියලා. ඒ දිසාවේ අලුත් තොරතුරු කොහොමද කියලා ඊට පස්සේ බමුණා අහනවා. මඟියා කියනවා අවුරුදු දෙදහස් පන්සියයක් [බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයේ ඉදන්] ඉක්මවුණාට පස්සේ ලෝක නායක රජෙක් පහළ වෙනවා කියලා සමන් දෙවියන් පැවසුවා කියලා. ඒ වර්තමානයේ රජකම් කරන පරාක්‍රමබාහු රජතුමා තමා කියලා මඟියා කියනවා.

  5. මහාචාර්යය ඩයමන්ඩ්ගේ තර්කය සංකීර්ණ නොවූ සරල එකක් බව දක්වන පිරිසක්ද වෙති. සෞභාග්‍යයේ සහ බලයේ බෙදීයාම, තිරිඟු සහ ගවයන්ට පමණක් ලඝු කොට දැක්විය හැකිද ? එසේනම් මෙම නාටකයේදී සංස්කෘතිය, ආගම, දේශපාලනය රඟ දැක්වූ කොටස් මොනවාද ? ඒවායේ බලපෑම නොසලකා හැරිය හැකිද ? වසර ගණනාවක් නිව් ගිනි හී ගතකළ ජීවිතය මට ඒත්තු ගැන්වූවා, ලොව වටා වෙසෙන සෑම මිනිසෙක්ම මූලික වශයෙන් එක හා සමාන බව. ලොව ඕනෑම සමාජයක දක්ෂ, තීක්ෂණ මිනිසුන් දැකිය හැකියි. ඒ පිළිබඳ ඒකාධිකාරයක් කිසියම් වූ එක සමාජයකට පමණක් හිමි නොවේ. අනිවාර්යයෙන්ම විවිධ ජන සමාජවල විවිධ වූ සංස්කෘතික, ආගමික, දේශපාලනික ලක්ෂණ දැකිය හැකියි. එහෙත් ඒවා අසමාණාත්මතාවයේ ප්‍රතිඵලයන් මිස, අසමාණාත්මතාවයේ මූල බීජය නොවේ. – මහාචාර්ය ඩයමන්ඩ්. ” Why, you white man have so much cargo ? and we New Guineans have so little ?” වසර තිහකට පෙර මෙම පැනය මගින් යාලි මාව අන්ත අසරණ කළා. එයට දිය යුතු පිළිතුර කුමක්දැයි එවකට මට කිසිම අදහසක් තිබුණේ නෑ. එහෙත් මම හිතන්නෙ අද මට එයට පිළිතුර තියනවා. ” යාලි, නුඹගේ මිනිසුන් නව තාක්ෂණය සොයා නොගැනීමට හේතුව කෞශල්‍යයේ වූ අඩුපාඩුවක් නොවේ. නුඹලා සතුව මේ අපහසු දායක පරිසරය ජය ගැනීමට තරම් වූ කෞශල්‍යයයක් තිබුණි. නුඹගේ ගැටලුවට පිළිතුරනම් “භූගෝලිය තත්ත්වයයි”. මගේ මිනිසුන් වසර දහස් ගණනකට පෙර අත්විඳි භූගෝලීය වාසිය, නුඹලාගේ මිනිසුන් ලැබුවා නම්, අද දින මේ නව නිපයුම් කරන්නේ නුඹලාගේ මිනිසුන්ය.” – මහාචාර්ය ඩයමන්ඩ්.

  6. න්‍යෂ්ඨික අපද්‍රව්‍ය ඉතා විකිරණශීලී වන අතර හැසිරවීම ඉතාම පරිස්සමින් ක්‍රමාණුකූලව සිදු කළ යුතුය. සුළු හෝ අත්වැරදීමක් බොහෝ දෙනෙකුට දීර්ඝකාලීන අහිතකර පලවිපාක ලබාදිය හැකි සිදුවීමකි. සාමාන්‍යයෙන් ප්‍රතිකාරකයකින් ඉවත් කළ අවුරුදු 10,000 ක් යනතුරු න්‍යෂ්ඨික අපද්‍රව්‍යවල විකිරණ පිටවන බව ගණන් බලා ඇත. ඉවත් කර වසර 40 කදී විකිරණශීලීතාවය 99.9% ක්ම ඉවත් වුවත්, වසර දහස් ගණනක් යනතුරු ඉතිරිය පවතින බව කියැවේ. න්‍යෂ්ඨික ප්‍රතිකාරකයකින් ඉවත් කළ වහාම මේ භාවිතාකළ ඉන්ධන දඬු (fuel rods) වසර 5 ක් පමණ කාලයක් ආවරණය කළ ජල තටාකවල බහාතැබීම සිදු කරනු ලබයි. මෙසේ කල් ගතවන්නේ එම දඬු සිසිලනය වීමට සහ ඒ වනවිටත් පිටකරන විකිරණ නිරාවරණය වලක්වාලීම සඳහායි. මෙසේ කල්ගත වූ පසු, එම දඬු වියලි අපද්‍රව්‍ය තැන්පත් කරන ලෝහ සහ කොන්ක්‍රීට් වලින් තැනූ බහාලුම්වල තැන්පත් කෙරේ. බොහොමයක් න්‍යෂ්ඨික ප්‍රතිකාරක වල අපද්‍රව්‍ය ඒ ස්ථානවලම තැන්පත් කර ඇති අතර අමෙරිකා එක්සත් ජනපදය වැනි දියුණු රටක් පවා න්‍යෂ්ඨික අපද්‍රව්‍ය ඉවත් කිරීමේ බැරෑරුම් ප්‍රශ්නයට මැදිව සිටින රටක් බව නැවතත් කිව යුතු වෙනවා.

  7. ලෝකය (විශ්වය) යනුවෙන් අප ව්‍යවහාර කරන මේ සංසාරය සමන්විත වන සියල්ලම ඇති සැටියෙන් අවබෝධ කෙළේ බුදුන් වහන්සේ ය. ඒ අවබෝධය අන් අයටද දේශනා කර සසරෙන් එතෙරවීමට උපදෙස් දුන්නේ “ප්‍රමාදය” නිසා දුකට පත් නොවන ලෙස ද දේශනා කරමිනි. නුතන විද්‍යාවෙන් කුඩා දරුවන්ට පවා කියාදෙන චක්‍ර බොහොමයක් ඇත. අප ඒ කීපයක් ගනිමු. 1) ජල චක්‍රය. 2) ජිවන චක්‍ර (සමනළයන්, මදුරුවන්ගේ වැනි) 3) ආහාර ජාල සහ චක්‍ර. මේ කීපයකි. නමුත් මේ සියල්ලම විද්‍යාවෙන් කීවද අවබෝධ වී ඇත්තේ කාටද? අප එසේ කියන්නේ මේ චක්‍ර වලට පටහැණි විවිධ දේ විද්‍යාව සිදුකරන නිසාය. අප අද වනවිට ශක්තිය ලබාගන්නා ප්‍රධානම ප්‍රභවය පොසිල ඉන්ධනය. මෙය කිසිදාක ප්‍රතිචක්‍රික නොවේ. තවද න්‍යෂ්ඨික ඉන්ධනද එසේය.

  8. මචංලා ලෝකේ රටවල් සංවිධාන පුශ්ගලයින් මේ වගේ රටවලට ඕන තරම් උදව් කරනවා,නමුත් ගැටලුව ඒවා කොච්චර දුරට බිම් මට්ටමට යනවද කියන එක.වරක් මයිකල් ජැක්සන්,ලයනල් රිචී ඇතුලු පිරිසක් එකතුවෙලා සල්ලි කෝටි ගනනක් එකතු කරලා දුප්පත් රටකට දුන්නා සාගින්නෙන් පෙලෙන මිනිස්සුන්ට සහනයක් දෙන්න.ඒත් මොනවද අර රටේ පාලකයා කලේ..ඒ සල්ලි වලින් තමන්ගේ මාලිගාවෙ තන පිඩලි අල්ලපු එක.ඉතින් තව දුරටත් ඒ රටවලට සල්ලි දේවිද?

  9. Kenji @ Japan පවසයි:

    මම සහ මගේ බිරිද මෙවැනි පුවත් මාධ්‍යවල දකිනවිට දුවට සහ පුතුට පෙන්වනවා.ගෙදරදී/පිටතදී කෑම කනවිට මල්ලි ඉතිරි කරද්දී අක්ක මේව මතක්කර දෙමින් ඉතිරි නොකර මල්ලිට කෑම කන්න කියනව.තව දෙයක් රෝහණ ,මෙයාලගේ පාසල්වලින් නිතරම ඔයවගේ රටවලට ආපදා අවස්ථා ඇතුළුව අප පාවිච්චි කල ඇදුම්,පොරවන,ඇද ඇතිරිලි[ඝනකම]සෝදා පිරිසිදුකොට,ජල බෝතල් සහ වියලි ආහාර යවන වැඩ පිලිවලවල් තියෙනව.එමගින් ගොඩක් දුරට අපේ දරුවන්ට මේ පිළිබද වැඩි වැටහීමක් ලැබිල,ක්‍රමක් ක්‍රමයෙන් මේවාට විසදුම් හොයන තැනට එයි කියල.

    • ඇත්තටම අයියේ, ගොඩාක් දියුණු රටවල් ආහාර සුරක්ශිතතාවය විතරක් නෙවෙයි, ඉන්ධන, යුධ අවි පවා අනාගත පරිභෝජනය උදෙසා ඉතිරිකරන ක්‍රමවේද සකසලා තියනවා. ඒවගේම ඒගැන කුඩාකාලයේ ඉදලම ළමයින්ට කියලා දෙනවා.

      නමුත් ඔවුන්ගේ ඒ ඉගෙනගත් දෙය භාවිතය පිළිබද ගැටළුවක් තියනවා..

      බලන්න ඇමරිකාව එයලගේ අතිරික්ත තිරිගු මේවගේ අසරණ අය ඉන්න රටවලට සහන මිලටවත් දෙන්නේ නැතුව මුහුදට හලනවා, විනාශ කරනව මිල පාලනය කරගන්න ඕනි නිසා.

      නමුත් අපි වගේ දුප්පත් රටවල ඉන්න මිනිස්සුන්ට, අනිකාගේ දුක හදුනගන්න පුළුවන් මිනිස්සුන්ට, දානය උතුම් කියලා සලකන මිනිස්සුන්ට මේවගේ දෙයක් කරන එක මහලොකු අමාරු දෙයක් නෙවෙයි. අනික පිනක් හැටියටත් සලකන්න පුළුවන් ඒක.

  10. ඔබ කියන දේ ඇත්ත තමයි. ඒත් මේ ලෝක රටාව අපිට වෙනස් කරන්න බැහැ. අපි වැඩිපුර ආහාර අපතේ නොයැව්වා කියලා මේ වගේ දුප්පත් උන්ට ඒවා හම්බවෙන්නේ නැහැ. ඒ තරම් අපේ සමාජය සහ රාජ්‍යයන් මානුෂික වෙලා නැහැ. වෙන්නෙත් නැහැ. අපි ආහාර ඉතිරි කළා කියලා දුප්පතුන්ට සෙතක් වෙන්නේ නැහැ. වෙන්නේ අතිරික්තය විනාශ වෙලා යන එක. මේ අන්ත ධනවාදී ලෝකයේ මම නම් හිතන්නේ නැහැ තව දුරටත් චේ ගුවේරා, ලෙනින්, මාලේ වගේ මානව හිතවාදීන් බිහිවෙයි කියලා.

    මේ වගේ පොඩි එකෙක්ගේ දුකක් දැකලා උණුවෙන හදවතක් තියෙන මිනිස්සු දැන් ලෝකේ හිඟයි.

    • ලෝකයේ රටාව වෙනස් කරන්න බැහැ කියලා අපි හැමදාමත් වැරදි පුරුදු දිගටම කරගෙන යන එක හරිනැහැ නේද? අපිට පුළුවන් මට්ටමින් වරද හදාගෙන , අනිත් මිනිසුන් ගැනත් හිතන්න පුරුදුවුන දාට මේලෝකේ මීටවඩා සුන්දර වේවි.. එහෙම නේද මිත්‍රයා…

      • sunil පවසයි:

        රෝහණ , ඔබේ කතාව හරියටම හරි. අපිට කල හැකි දෙය කල යුතුයි. ලෝකයට බනිමින් සිටිනවාට වඩා එක පහනක් දැල්වීම උතුම්

ප්‍රතිචාරයක් ලබාදෙන්න