පින්තූරය

පුදුම කෙලියකි සබරගමුවේ, පාලකයින්ගේ වැරදි වහගන්න සිසුන් හට වැරදි පැටවේ..


asammathaya DSC_0090

මේ අද උදේ පාන්දරම අපේ ගෙදරට ආපු අලුත් අවුරුද්දේ පලමුවෙනි ලියුම. මට කුණුහරුප මතක් වෙන්න කලින් අම්මා ලියුම අරගෙන ගියා. පස්සේ අම්මා එනවා බැනගෙන , මම හිතුවේ මට කියලා. අනේ අපේ අම්මා මට නෙවෙයි බනින්නේ මේ අමන සබරගමු සරසවි පරිපාලනයට.

ඇත්ත තමයි. සිසුන්ගේ වැරදක් තියනවානම් ඒ වැරදි කරපු එවුන්ට තරාතිරම නොබලා දඩුවම් දෙන්නඕනි. ඒකේ දෙකක් නැහැ. හැබැයි වරදක් කරලා නැතුව නිකරුනේ සිසුන් වැරදිකරුවන් කරලා, පන්ති තහනම් කරලා, සරසවිය වහලා සිසුන්ගේ අනාගතය අදුරු කරන්නේ මේ අමන පාලනයම තමයි.

ඇයි යකෝ අපේ අම්මලා තාත්තලාගේ බදු මුදල් වලින් සරසවියේ ගොඩනැගිලි හදන්න ප්‍රතිපාදන වෙන්කරලා, ඒ ගොඩනැගිලි හදන්න ආණ්ඩුවෙම ඉන්ජිනේරු සංස්ථාවට  බාරදීලා හදපු අලුත්ම අලුත් ගොඩනැගිලිවල කොන්ක්‍රීට් තට්‍ටු මැදින වැස්ස දවසට වතුර පන්තිකාමරවලට ලීක් වෙද්දි ඒවා උසස් අධයාපන අමාත්‍යන්ශයට කියපු සිසුන් තමයි වැරදි කරුවෝ.

මහලොකු උපකුලපති තුමාගේ හොර අබුව කරගන්න හදපු අලුත් උපදේශිකාවන් රස්සාවදාලා යනකොට සිසුන්ට විද්‍යාගාරවල උගන්නන්න ඉන්නේ ඒතුමාගේ මෑනියෝ වෙන්න ඇති.

තව කියන්න දේවල් අම්බානකට තියනවා. ඒවා මේ අලුත් අවුරුද්දී කියලා මිනිස්සුන්ගේ හිත් නරක් නරන්න ඕනිනැහැ, ඒත් ඉක්මනටම ඒවත් එලියට දාන්නම්.

5 thoughts on “පුදුම කෙලියකි සබරගමුවේ, පාලකයින්ගේ වැරදි වහගන්න සිසුන් හට වැරදි පැටවේ..

ප්‍රතිචාරයක් ලබාදෙන්න