ජීවිතයක් ‍රැකගැනීම වෙනුවෙන් ලේ බිදක් අවැසි ඔබට සහ ලේ දන් දෙන ඔබ වෙනුවෙන්මයි.


BloodNeeds - asammathayaජීවිතයක් ‍රැකගැනීම වෙනුවෙන් ලේ බිදක් අවැසි ඔබට ඇවැසි ලේ වර්ගය ගැන ලේ දන් දීමට කැමති කෙනෙක් දායකයන් වෙනුවන් දැනුම් දීමට Blood Need SL සේවය ආරම්භ කර තිබෙනවා. ඒ සදහා ඔබ කල යුත්තේ ඔබේ Dialog දුරකතනයෙන් blood සටහන් කොට ඉන් පසු ඔබට ඇවැසි ලේ වර්ගය, ඔබසිටින ප්‍රදේශය සහ ඔබගේ දුරකතන අංක සටහන් කොට 77000 එවීම පමණයි. එපමනක් නොව Facebook (BloodNeedSL) සහ Twitter (@BloodNeedSL) මගින්ද ඔබට පහසුවෙන් මේ ඉල්ලීම කිරීමට හැක. ඔබ වෙනුවෙන් ඔබේ ඉල්ලීම රටේ ලේ දන් දීමට කැමති අය වෙනුවෙන් ගෙන යනු ඇති.

BloodNeeds-fbcover

ඒ වගේම ලේ දන් දීමට කැමති ඔබට අසරණවූ ලේ ඇවැසි අය ගැන මෙන්ම, ලේ දන් දීමේ අවස්ථා ගැන Blood Need SL මගින් දැන දැනුවත් කිරීම් Facebook සහ Twitter (@BloodNeedSL) මගින් දැනුවත් කිරීමක් කරනු ලබනවා.

BloodNeedSL සේවයෙන් ලේ අවැසි අය පිළිබද තොරතුරු මෙන්ම ලේ දන්දීමේ වැඩසටහන් ගැන දැනුවත් වීම සදහා ඔබට ඩයලොග් දුරකතනයකින් REG Bloodsl ලෙස සටහන්කොට 77000 ට එවීමෙන් Register විය හැක.

4 thoughts on “ජීවිතයක් ‍රැකගැනීම වෙනුවෙන් ලේ බිදක් අවැසි ඔබට සහ ලේ දන් දෙන ඔබ වෙනුවෙන්මයි.

    • පුලුවන් හැටියට උදව් කරන්න. ඒක ලොකු පිනක් වගේ ඒ අසරණ අයට ලොකු උපකාරයක්, දන්න හැමෝටම කෙටි පනිවිඩය එවන විදිහ කියන්න. ඒවගේම අපිත් එක්ක එකතුවෙන්න කැමති අයට රෙජිස්ටර් වෙන්න කියන්න මේ ලිපියේ දාලා තියන විදිහට. ( Reg Bloodsl & Send 77000)

ප්‍රතිචාරයක් ලබාදෙන්න