සමහර භික්ෂූන් වහන්සේලාව පක්ෂ දේශපාලනයට ඇද ගනිමින්, උන්වහන්සේලාගෙ මුවින් සුමිහිරි මධුර තෙවලා බුදු දහම වෙනුවට වෛරය ක්‍රෝධය ද්වේශය පිට කරවාගනිමින් දේශපාලන බළල් අත් ලෙස යොදා ගැනීම හරහා චීවරය අද වෙන විට හෑල්ලු වී ඇත.
සිංහල බෞද්ධයින්ගෙන් පිරිසක් එක් භික්ෂූන් වහන්සේ නමක්ව ගෞරවයන් සලකද්දී, අනික් පිරිසට උන්නාන්සේ චීවරධාරියෙක් වූයේ නිකම්ම නොවේ. අමරපුර නිකාය විසින් සංඝ සම්මුතියෙන් තම නිකායේ භික්ෂූන් වහන්සේලාට පක්ෂ දේශපාලනය තහනම් කළේ මේ වාතාවරණය තුළයි.
උපුටාගැනීමකි
අදෝමැයි, රජ්ජුරුවොයි නිලමෙලයි රාජ සභාවේ දෙමලෙන් කතාකල, දෙමලෙන් අත්සන් කල, දෙමල බිසවුන් හිටපු රටේ අපේ කම කිව්වේ ඒ කම වෙන්න ඇති. නේපාලය කියන රටත්, තායිලන්තයත් වෙනත් ජාතීන්ට යටත් නොවූ රටවල්, කාටවත් ඔවුන් යටත් කරගන්න විශේෂ උවමනාවක් තිබුනෙත් නෑ, ඒ ඒ රටවල් පාලනය කල අය විදේශිකය වෙළෙදුන්ට බදු අය කරගැනීමට හිරිහැර කිරීමකින් තොරව වෙළදාම් කරගෙනයන්න ඉඩහැරල තිබුනු නිසා.
මාතෘකාවේ යෝජනාව හොඳයි, දේශපාලනයට බැහැපු නිසා නිර්මලත්වයට හානිවූ භික්ෂූන් නැතත්, ජරා භික්ෂූන් නිසා දේශපාලනය වඩාත් ජරා වෙපා තියෙන්නේ ස්ටේජ්වල එලිපිට කතානොකරපු ජාතිවාදය ස්ටේජ් වලටම ගෙනත් ඇති නිසායි.
භික්ෂුන්ට පක්ෂ දේශපාලනය තහනම් කල යුත්තේ ඇයිද යන්න පැහැදිලි නැත. ඔබ කියන පරිදි පක්ෂ දේශපාලනය ජරාජීර්ණනම් එම දේශපාලනය වෙනස් කල යුතුය. භික්ෂුන්ට චිවරයට අගෞරවයක් වන බැවින් පක්ෂ දේශපාලනය තහනම් කරන්නේනම්, ගුරුවරුන්ට, මහචාර්යවරුන්ට, වෛද්‍යවරුන්ට, රජයේ සේවකයන්ට ආදි සියලු වෘත්තිකයන්ටද එම වෘත්තින්ට අගෞරවයක් වන බැවින් පක්ෂ දේශපාලනය තහනම් කල යුතුය.
Eka hari