ෂර්ලි


ෂර්ලි කියන්නෙ ඇතින්නක්..එයාට ෂර්ලි කියලා නම වැටෙන්න කලින්ආසියාතික රටක කැලෑවකනිදහසේ සතුටින් ජීවත් වෙච්ච ඇතින්නක්..1953 අවුරුද්දෙදි..ෂර්ලිව අල්ලගෙන කැලෑවෙන් එලියට ගෙනාවා..එතකොට ෂර්ලිට වයස අවුරුදු පහක් විතර ඇති..
ඒ ආසියාතික රටෙන් අල්ලගෙනෂර්ලිව ගේන්නෙ ඇමරිකාවට..“කෙලීමිලර්“ කියන සර්කස් කණ්ඩායමේ වැඩට..
එතනදි තමයි එයාට “ෂර්ලි“ කියලා නම තියන්නෙ..

සර්කස් එකේ සංදර්ශන පෙන්නන ඇතින්නියක් වෙච්ච ෂර්ලිට විදින්න වෙච්ච දුක් වල නිමක් නෑ..මිනිස්සුන්ට පෙන්නන්න එක එක සෙල්ලම් පුරුදු වෙන්න සිද්ද වෙනව..ඒ සෙල්ලම් පුරුදු වෙන කොට පුහුණු කරන කෙනාගෙන් කසපාර කන්නත් සිද්ධ වෙනව.පුහුණුවීම් කරනකොට කෑම දෙන්නෙත් දවස් දෙක තුනකට සැරයක්.පුහුණුවීම් වැරදුනාම කෑම වේල ලැබෙන්නෙත් නෑ..ෂර්ලි බය නිසාම එක එක අලි සෙල්ලම් පුරුදු වෙනව..ඒ විදිහට දුක් විදින අලි ඇත්තු ගොඩක්“කෙලී මිලර්“ සර්කස් කණ්ඩායමේ හිටිය..“#ජෙනී“ ඒ වගේම තවත් ඇත් පැටියෙක්..ෂර්ලි එක්ක එකම සර්කස් කණ්ඩායමේ දුක් විදපු..තමන්ගෙ අය උදේ ඉදන් රෑ වෙනකල් මිනිස්සුන්ව සතුටු කරන්න
මිනිස්සුන් ඉස්සරහ අලි නැටුම් අලි සෙල්ලම් කරන හැටි.ඒ අලි සෙල්ලම් ඉවර වුණාමවත් #බඩගින්නට හරි හැටි කෑමක් නොලැබී බඩගින්නෙ ඉන්න සිද්ධ වෙන හැටි.පුහුණු වෙනකොට කස පාර කන්න සිද්ධ වෙන හැටි.මේ ඔක්කොම ෂර්ලි දකිනවා..මිනිස්සුන්ට නොතේරුණත්..අනිත් ඇතුන් විදින දුකත් එයාට තේරෙනවා.

ඒත් කරන්න දෙයක් නෑනෙ.. තමන් එක්ක ඉන්න අනිත් කෙනාව සනසවන්න විතරයි එයාට පුලුවන්..ෂර්ලිට තමන් එක්ක ඉන්න ජෙනී ගැනත් එහෙම බැදීමක් තිබුණා..කෙලී මිලර් සර්කස් කණ්ඩායම සර්කස් පෙන්නුවේ ඇමරිකාවේ විතරක් නෙවෙයි..ඒ ගොල්ලෝ රට රටවල් වලට සංචාරය කර කරසර්කස් පෙන්නලා සල්ලි හම්බ කළා..රට රටවල් වලට යනකොට මේ සර්කස් කණ්ඩායම ගමන් කළේ ඒ ගොල්ලන්ට අයිති දුම් නැවකින්..මම මේ දාන පින්තූරය ඒ දුම් නැවෙන් සර්කස් කණ්ඩායම කැනඩාවට ගිය වෙලාවක #නැෂනල්පෝස්ට් සගරාවේ ලිපියකට ඡායාරූප ශිල්පියෙක් ගත්ත එකක්.

කැනඩාවට ගිය ඒ ගමනට දුම් නැවෙන් සති තුනක කාලයක් යන්න සිද්ධ වුණා..ඒ සති තුන ඇතුලත සර්කස් කණ්ඩායමේ අලි කිහිප දෙනාකකුල් වලට #දම්වැල් දාලා හෙල්ලෙන්නවත් බැරි විදිහට එකිනෙකාව එකට ඈදලායි තිබුණෙ..පැද්දෙන දුම් බෝට්ටුවෙ සමබරව ඉන්න ෂර්ලිලාට හරි අමාරු දුකක් විදින්න සිද්ධ වුණා..එච්චර අමාරුවෙන් ආපු සති තුන තිස්සෙම කෑමට ලැබුණෙත් පරණ එළවලු, කොල ටිකක් විතරයි..නැවේ එන්ජිමෙන් පිටවුණ දුම් ඇවිත් ෂර්ලිලාට හුස්මගන්න අපහසු කරවමින් #කරදර කළා.නැවෙන් ගොඩ බහිනකොට.හදිසියේවත් මේ සත්තු පැනල යාවි කියලාතුවක්කු මානගත්ත දඩයක්කාරයො ටිකක් දෙපැත්තෙන් බලාගෙන හිටියා.
අමාරු ගමනකට පස්සෙ එකම එක දවසක විවේකයක්වත් ලැබුණෙ නෑ..ගොඩබැහැපු දාම හැන්දෑවෙ ඉදන් සර්කස් සන්දර්ශන කරන්නත් එයාලාට සිද්ද වුණා..ඉතින් ජෙනීලා ෂර්ලිලා ගෙවපු සර්කස් ජීවිතේ එහෙමයි.මෙහෙම අවුරුදු ගානක් සර්කස් කණ්ඩායමේ දුක් විදපු ෂර්ලි.සර්කස් එකට ගෙනාපු දැවැන්ත අප්‍රිකානු අලියෙකුගෙ පහර දීමක් නිසා කකුලක් බිදිලා එකතැන් වෙනවා.දැන් ඉතින් ෂර්ලිට අලි සෙල්ලම් පෙන්නන්න බෑනෙ.ඒ හින්දා ෂර්ලිගෙන් සර්කස් කණ්ඩායමට පලක් නෑ.ඒ ගොල්ලො ෂර්ලිව වෙන්දේසි කරනව.ෂර්ලිව මිලට ගන්නෙ සත්තු වත්තකින්.සර්කස් කණ්ඩායමේ කූඩුවෙන් ෂර්ලි යන්නෙ සත්තු වත්තෙ කූඩුවට..එතන ඉදන් ෂර්ලි තට්ට තනියම ඒ කූඩුවේ.පොඩි කාලයක් එහෙම නෙවෙයි.අවුරුදු විසි දෙකක්..ඒ අවුරුදු විසි දෙක ගෙවෙනකොට ෂර්ලිට වයස අවුරුදු පනහක් වෙලා..ෂර්ලි දැන් වයසයි.

කකුල් හතරම හොදට තියෙන කාලෙ නටලා මිනිස්සු සතුටු කළා..ඊට පස්සෙ තවත් අවුරුදු විසි දෙකක් සත්තු වත්තෙ කූඩුවක මිනිස්සුන්ගෙ ප්‍රදර්ශණ භාණ්ඩයක් වෙලා මිනිස්සුන්ව සතුටු කළා..ඊට පස්සෙ.. හොදටෝම වයසට ගියාම..ෂර්ලිට විශ්‍රාම දෙන්න මිනිස්සු තීරණය කළා.ෂර්ලිව යැව්වා ටෙනෙසි අලි #අනාථාගාරයට.ෂර්ලිගෙ කකුල් වල තිබුණු විලංගු ලිහල අලි අභයභූමියේ නිදහසේ ඇවිදින්න ඉඩ දුන්නා.ඒ අලි අභයභූමියට ආපු දවසේ ෂර්ලිට හම්බ වුණා විශේෂ කෙනෙක්.

ඕගොල්ලො හිතුවා හරි ඒ ජෙනී තමයි.ෂර්ලි අවුරුදු විසි දෙකක් සත්වෝද්‍යානයක හිර කූඩුවක ඉදලා එනකොට ජෙනීත් අලි අනාථාගාරයට ඇවිත් හොදටෝම අසනීපෙන් නිතරම සර්කස් කණ්ඩායමේ ගමන් බිමන් වලට යොදා ගත්ත එකෙනුත්,
නොසැලකිල්ල නිසාත්.. ජෙනී අසනීප වෙලා ජෙනීගෙනුත් ඉතින් සර්කස් කණ්ඩායමට වැඩක් නැහැනෙ ජෙනීව අලි අනාථාගාරයට ගෙනත් දාලා තිබුණා ටෙනෙසි අලි අනාථාගාරයට ආපු පළවෙනි දවසෙ ෂර්ලිව රන්දපු කූඩුවේ ඉදන් ෂර්ලි වටපිට බලපුවාම..එහා පැත්තෙ කූඩුවෙ හිටපු කෙනා දැක්කාම ෂර්ලිට හුරුපුරුදු ගතියක් දැනුණා ෂර්ලි කූඩුවෙ #යකඩවැට ලගට ගිහින් බැලුවාම..
ඒ ජෙනී කෙලී මිලර් සර්කස් කණ්ඩායමේදී තමන් එක්ක එකට දුක් විදපු ජෙනී එකට දුක බෙදාගත්තු ජෙනී අවුරුදු විසි දෙකකට පස්සෙත් ෂර්ලි ජෙනීව අදුරගත්තා අවුරුදු විසි දෙකක් තට්ට තනියම කූඩුවක හිර වෙලා හිටියට පස්සෙ මෙන්න දැන් තමන්ගෙ යාලුවා අත පොවන දුරින් ඉන්නවා වාවගන්න බැරි සතුටට වෙන්න ඇති ෂර්ලිගෙ ඇස් දෙකෙන් #කදුලු ගලන්න පටන් ගත්තා ෂර්ලි කෑ ගගහා #ජෙනීට කතා කළා අසනීපෙන් උන්නු ජෙනී ෂර්ලිව අදුරගෙන ලගට දුවලා ආවා දෙන්නා හොඩවැල් පටලවාගෙන වැලද ගත්තා දෙන්නාගෙම ඇස් දෙකෙන් කදුලු බේරුණා ෂර්ලි ජෙනීගෙ කදුලු පිහිදැම්මා.. හොඩවැලෙන් ජෙනීගෙ මුලු ඇගම අතගෑවා “අඩන්න එපා.. දැන් මම ලග ඉන්නවනේ“ කියනවා වගේ “එහෙනම් අපි දෙන්නා මැද්දට මොකටද මේ යකඩ වැටක්..?“ කියනවා වගේදෙන්නත් එක්ක එකතු වෙලා
කූඩු දෙක මැද්දේ තියෙන යකඩවැටත් බින්දා

එකිනෙකාව #වැලදගෙන හොදටෝම ඇඩුවා සතුටින් නාද කළා අලි අනාථාගාරයේ සේවකයෝ මේ සිදුවීම ෆොටෝ ගත්තා වීඩියෝ කළා ඒ දෙන්නගෙ හමුවීම ලෝකෙම ඉන්න මිනිස්සුන්ගෙ ඇස් වලට කදුලක් ගෙනාවා ෂර්ලිටත් ජෙනීටත් අලි අභය භූමියේ නිදහසේ හැසිරෙන්න අවසර ලැබුණා දෙන්නා එකට #නිදහසේ ඇවිදිනවා එකට ගගේ බැහැලා නානවා ෂර්ලි ජෙනීව නාවනවා.. ජෙනී ෂර්ලි එක්ක සෙල්ලම් කරනවා ජෙනී පුංචි නින්දක් නිදා ගන්නකල් ජෙනීගෙ ඇගට අව්ව නොවැටෙන්න ෂර්ලි තමන්ගෙ හෙවනැල්ලෙන් ජෙනීව ආරක්ෂා කරනවා

ෂර්ලි ජෙනීට සැලකුවෙ තමන්ගෙ #දරුවෙකුට වගේ සර්කස් කණ්ඩායමේදි මුලින්ම මුණ ගැහෙනකොටත්
ජෙනී පුංචි පැටියෙක්නෙ මේ දෙන්නගෙ ආදරේ හිතා ගන්න බැරි තරම් ඒත් ජෙනී උන්නෙ අසනීපෙන්නෙ 2006 ඔක්තෝබර් මාසෙ දවසක ජෙනී හොදටම අසනීප වුණා #ක්ෂයරෝගයෙන් ජෙනී බිම වැතිරිලා අමාරුවෙන් හුස්ම ගනිද්දි ෂර්ලි එතන බිම දණ ගහගෙන හොඩවැලෙන් ජෙනීව පිරිමැද්දා ජෙනී අමාරුවෙන් ඇස් ඇරලා ෂර්ලි දිහා බැලුවා මේ තමයි ජෙනීගෙ අන්තිම මොහොත කියලා ෂර්ලිට තේරුණා ජෙනී තමන්ව දාලා යන හැටි ෂර්ලිට බලා ඉන්න බෑ ෂර්ලි නැගිටලා බිම බලාගෙන කැලේට ගියා ජෙනී සදහටම ඇස් පියාගත්තා එයින් පස්සෙ දවස් තුනක් ෂර්ලි කිසිම දෙයක් කෑවෙ බිව්වෙ නෑ එක දිගටම වැලපුණා අලි අනාථාගාරයේ හිටපු අනිත් අලි යාලුවෝ ෂර්ලි ලගටම වෙලා උන්නා ඒත් ෂර්ලිගෙ හිත හැදුණෙ නෑ ඒත් දවසක් අලි අනාථාගාරයට තවත් පුංචි අලි පැටියෙක් ගෙනාවා..
එයාගෙ නම #මිස්ටි පුංචි මිස්ටි හරි දගයි.. හරි #හුරතල් ඒ දගකාර කම් වලින් ෂර්ලිගෙ හිත හදන්න මිස්ටිට පුලුවන් වුණා ඊට පස්සෙ ෂර්ලි දරුවෙකුට වගේ මිස්ටිට ආදරය කරන්න පටන් ගත්තා..
(උපුටා ගැනීම අන්තර්ජාලයෙන් )

ප්‍රතිචාරයක් ලබාදෙන්න