පිච්චුනු බල්බ් එක



එක ඉහළ තනතුරක් දැරූ ලොකු මහත්තයෙක් ..තමන්ගේ රැකියාවෙන් විශ්‍රාම ගත්තට පස්සේ තමන්ට දීලා තිබුණ නිල නිවාසය අත්හැරලා තමන්ගෙම flat එකට ආවා ..එයා තමන් ගැන ගොඩාක් ලොකුවට හිතාගෙන ඉන්නේ.. එයාගෙ හිටපු තණතුර ගැන… එයාට තිබුණු සැලකිලි ගැන ..ඒක නිසාම මෙයා කාත් එක්කවත් වැඩිය කතාබහ කළේ නෑ …


හැබැයි අනිත් අය වගේ මෙයත් හැමදාම හැන්දෑවට ෆ්ලැට් එකේ තියෙන උද්‍යානයට යනවා රවුමක් දෙකක් ඇවිදින්න… කාත් එක්කවත් කතා කරන්නේ නෑ …ඔහොම ටික දවසක් යනකොට මෙයාට අහම්බෙන් මුණ ගැහෙනවා තවත් එක් වයසක මහත්මයෙක් ..බංකුවක ඉඳගෙන මෙයා ගැන ඔක්කොම විස්තර ඒ මහත්තයාට කිව්වා ..


හැමදාමත් මොනව මොනව හරි අලුත් විස්තර ..එයාට මිනිස්සු සලකපු හැටි . එයාට හිටපු ගෝලයෝ … .. .එයා ගත්ත තීරණ ..කතා ගොඩක් කිව්වා ..දවස් හතරක් විතර මේ කතා අහපු අනිත් වයසක මහත්මයා එක දවසක් කතා කරන්න පටන් ගත්තා.


විශ්‍රාම ගත්තට පස්සේ අපි ඔක්කොම පිච්චුනු බල්බ් වගේ ..අපි කොච්චර දීප්තිය දුන්නද අපි මොන මොන වර්ග වල බල්බ් ද ..අදාල නෑ අපි ඔක්කොම පිච්චිලා ..දැන් බලන්න ඔය ඉස්සරහ බංකුවේ ඉඳන් ඉන්න මහත්මයා ..එයා හමුදාව හිටපු ජෙනරල් කෙනෙක් ..අර එහා පැත්තේ හිමින් දුවන්නෙ එයා හිටපු කොමසාරිස් කෙනෙක් …දැන් මෙතන ඉන්නේ ඇවිදගෙන ගිය කෙනා බැංකු සමූහයක ප්‍රධානියෙක් ..එයා නම් ඒක මට කවදාවත් කියලත් නෑ ..ඒත් මම දන්නවා…


බල්බ් එකක් පිච්චුනාට පස්සේ w 10 ද 20 ද තිහද 50 ද සීය ද අදාළ නෑ .LED ද CFL ද Halogen ද අදාල නෑ ..ඉතින් මගේ මිත්‍රයා මේ සත්‍යය තමන්ගේ ජීවිතයටත් අදාළ කරගන්න .එවිට ඔබේ ජීවිතයට සාමයත් සතුටත් උදාවේවි …
උදෑසන නැගෙන හිරුත් හවසට බැස යන හිරු තාම චමත්කාරයි ..එහෙත් උදෑසන හිරු ට ලැබෙන නමස්කාරය බැස යන හිරු ට ලැබෙනවද ..මෙය ඉක්මනින් අවබෝධ කරගත් පමණින් ජීවිතයේ වඩාත් පහසු වේවි..


අපේ වර්තමාන තනතුර, බලය, එකක්වත් ස්ථාවර නෑ . මේවට දැඩිසේ බැඳුනාම ජීවිතය කරදරකාරී වෙනවා ..නැති උනාම වේදනාවට පත් වෙනවා ..


මතක තියාගන්න .. චෙස් ගේම් එක ඉවර උනාට පස්සේ king ටයි pawn ටයි ආපහු යන්ඩ වෙන්නේ එකම පෙට්ටිය ඇතුලට.. …..!

3 thoughts on “පිච්චුනු බල්බ් එක

ප්‍රතිචාරයක් ලබාදෙන්න