අවසන් මහා තරගයට අපි සුදානම්ද?


ඔයාලා බලනවා ඇති මම දැන් හැමදාම ක්‍රිකට් ගැන විතරද කතාකරන්නේ කියලා. අනේ එහෙම1 ක් නෑ, මේදවස්වල ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තියනවනේ, ඒකත් 2 දායින් (ඒ කියන්නේ හෙට) ඉවරෙටම ඉවරයි. ආය තව අවුරුදු 4 කට ඔව්වා නෑ. ඒ නිසා අදත් වැදගත් දෙයක් ඔයාලාට දැන්නුවොත් හොදයි කියලා හිතලා තමයි අදත් ඒගැනම කතාකරන්න හිතුවේ.දකුණු ආසියාව කේන්ද්‍ර කරගෙන මෙවර පැවති 10 වන ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියේ ගොඩක් විස්තර ඔයාලා විද්‍යුත් වගෙම මුද්‍රිත මාධ්‍යය වලින් අහන්න දකින්න ඇති. ඒනිසා අමුතුවෙන් වෙච්ච හැමදේ ගැනම කියන්න ඔනිනෑනේ නේද?

ඔයාලා මගේ කලින් ලිපි කියව්වානම් ඔයාලට මතක ඇති මම මේ තරගාවලිය ගැන අනාවැකි කිහිපයක්ම පලකරා, ඔන්න එවගෙන් 1ක් හැර අනිත් හැම1 ක් ම හරිගිහින් තියෙන්නේ හරිද? මට වැරදුනේ සෙමිෆයිනල් 1 ට දකුණු අප්‍රිකාව ඒවි කියපු1 විතරයි. ඕනම කෙනෙක්ට වරදින්න පුළුවන් 1 මගේ අනාවැකි 80% ම හරි ඔන්න. කොහොමහරි ලoකාව 1ක ෆයිනල්1 ට ඉන්දියාව ඇවිත්, මේ අවසාන මහා තරගයට ලoකා කණ්ඩායමේ සුදානම ගැන වගේම දිනන්න තියන හැකියාව ගැන කතාකරන්න අද මම හිතුවා.

ලoකාව සහභාගි වුනු පහුගිය හැම තරගයක්ම බැලුවාම අපිට පේන්න තියෙන්නේ අපි ක්‍රීඩා කරන්නේ හරි සැලැස්මකට හරි ක්‍රීඩකයින් යොදාගෙනද කියලා සැකයක්. මම කලිනුත් කියුවා සිල්වා, සමරවීර මීටවඩා මහන්සිවෙන්න වෙනවා කියලා. එත් එයාලාගෙන් වෙනසක් පේන්න නෑ. හැමදාම නැති පීඩනයක් ඇති කරගන්නවා නිකරුනේ බෝල නාස්තිකරලා, අඩුමගානේ 1 ලකුනක්වත් ගන්න මහන්සිවෙන්නේම නෑ. එනිසා අන්තිමට ගහපු සෙමියෙදි අපි දැක්කානේ මැතිව්ස්ට කොච්චර පීඩනයක් අස්සේද ගහන්න උනේ කියලා.පස්සෙන් පන්නලා ගියනිසා අමාරු උනා, රෑට ගහන්න අමාරැයි ප්‍රේමදාස පිට්ටනියේ කියලා කවුරුහරි කියනවානම් එක වැරදි. මොකද එයලා 2නට ගහන්න ලැබුණු ගොඩක් තරගවල මුලින් ගහන්න ආවත් කරේ ඒකම තමයි. professional ක්‍රිකට් ක්‍රිඩකයෝ උනාම එන ඕනම පීඩනයකදි සෙල්ලම් කරන්න පුරුදුවෙලා ඉන්න ඕනි. අනික මේ දෙන්නා එහෙම ක්‍රීඩකයෝ 2 නෙක් විදිහටනේ සෙල්ලම් කරන්නේ. එහෙනම් ලකුණු ගන්න අවස්ථාවක් නොලැබුනත් ඉක්මණට ගන්න පොඩ්ඩහරි ගන්න ඔනී පීඩනයක් පස්සේ එන අයට නොදී. නැත්නම් එයාලට ගහන්නත් අමාරුයි.

ඔහොම ගියොත් ෆ්යිනල් 1 අම්බානකට කන්න වෙයි අපිට. මොකද ඉන්දියාව ක්‍රීඩකරන්නේ batsmanලා 7යි bolersලා 4ක් එක්ක. එතන allrounderලා 3ක් ඉන්නවා. එතකොට 7/7 සoයුතියක් ඉන්නවා. අනික batmanලා 7න් 5ක් ම  එක්දින ranking වල පලවෙනි 20ට ඉන්නවා. අපේ එක්දින ranking වල පලවෙනි 20ට ඉන්නේ 3 දෙනයි. සoගා, ඩිල්ශාන්, මහේල විතරයි.

අපිට අපේ මුල් පිතිකරුවෝ 4 දෙනා ගැන බයවෙන්න දෙයක් නෑ.1කෙනෙක් නැතත් අනිත් අය කොහොමහරි ලකුණු අරන් දෙනවා. මෙච්චර කල් අපි batsmanලා 6ක් එක්ක සෙල්ලම් කරත් මැදපෙළ 2නා දුර්වල නිසා ෆයිනල් 1 ට තිසරව ගන්නවනම් හොදයි චාමරව එලියෙන් තියලා, මොකද දැනට ලැබෙන ආරන්චිවලට අනුව මැතිව්ස්ට සෙල්ලම් කරන්න වෙන1 ක් නෑ ආබාධය නිසා. ඒ වෙනුවට වාස් දාන්න යන1 ත් වරදක් නෑ. ඒ වගෙම මුරලිත් ආබාධයකට ලක්වෙලා ඉදලත් කලින් තරග 2ම ගැහුවා. ඒත් ෆ්යිනල් 1 දි කොහොම වෙයිද කියන්න බෑනේ. එනිසා රන්දීව් දාන1ත් හොදයි. මොකද අපිට රන්දීව් balling කෙසේ වෙතත් batting ටිකක් හරි තියන නිසා බයක් නෑ.ඒනිසා නැතිවෙන allrounder ට තව allrounder කෙනෙකුයි, නැතිවෙන baller ට තව allrounder කෙනෙකුයි ගත්තාම allrounder 4 ක් ඉන්නවා කණ්ඩායමේ. ඕකෙන් 2 වත් හරියට ගහයි කියලා බලාපොරොත්තු වෙන්න පුලුවන් අපිට.එතකොට අපේ කණ්ඩායමේ සoයුතිය batsmenලා 8 යි, bolersලා 3යි, ඒකෙනුත්  4ක් allrounder ලා. එතකොට 8/7 සoයුතියක් ඉන්නවා.

පන්දු යවන්නො ගත්තොත් මාලිoග ඇරුනාම අපිට දාන්න පුලුවන් කුලසේකරව විතරයි. රoගන පාකිස්තානයට හොදට සෙල්ලම් කරාට දග පන්දු යවන්නන්ට හොදට මුහුණ දෙන ඉන්දියාවට කොහොම වෙයිද දන්නේ නෑ. ඒත් අපි එයාව දායි කියලා හිතමුකෝ.මේ 3 දෙනාගෙන් උපරිමයක් අපිට බලාපොරොත්තු වෙන්න වෙනවා. කොහොමත් allroundersලා  overs 25කට පවිච්චි කරන්න පුළුවන් අපිට.  පාකිස්තානේ සෙමියෙදි කරාවගේ උඩපන්දු අතඇරලා, දුර්වල පන්දු රැකීමක් කරොත් අපි ඉවරයි, ඒ නිසා පහසු වගේම අපහසු දේවලුත් කොහොමහරි කරන්න වෙනවා. මොකද මේ වගෙ දුර්ලභ අවස්ථා අය කවදා ලැබෙයිද දන්නේ නෑනේ.

කොහොමහරි මේ තරගය අපි ගහන්නේ ඉන්දියාවේදි නිසා අපේ උදව්වට කවුරුවත් නෑ, ඒ නිසා අපි අපේ කණ්ඩායමට ආශිර්වාද කරමු ගිය වතාවේ 2007 මගහැරුනු ලෝක කුසලානය 2 වෙනි වතාවටත් 2011  අපේ මව් බිමට ගෙන එන්න ශක්තිය, වාසනාව ලැබේවා කියලා.

1 thoughts on “අවසන් මහා තරගයට අපි සුදානම්ද?

ප්‍රතිචාරයක් ලබාදෙන්න