රජය කරන වැරදි හැමදේටම මම විරුද්ධයි එතකොට ඔබ…?


  1. පෝට්සිටිය පනතකින් චීනයට පවරනවට අපි විරුද්ධයි.
  2. හිතවතුන්ට (සජාත් මවුසූන්ට) සැලකීම සඳහා පොල්තෙල් සහ සීනිවලට බදු සහන දී රජයට පාඩු කළාට අපි විරුද්ධයි.
  3. විකල්ප සුදුසු පොහොර වර්ගයක් නොදී පොහොර තහනම් කර ගොවීන් අනාත කිරීමට අපි විරුද්ධයි.
  4. කොතලාවල පනත – අධ්‍යාපනය මිලටරිකරණය කිරීමට සහ පුද්ගලීකරණය කිරීමට අපි විරුද්ධයි.
  5. පාස්කු ඉරිදා කුමන්ත්‍රණය කළ මහ මොළකරුවන්ට නිදැල්ලේ නිදහසේ සිටීමට ඉඩ දීමට අපි විරුද්ධයි.
  6. පරිසරය විනාශ කරමින් හිතවතුන්ට ඉඩම් මංකොල්ල කෑමට ඉඩදීමට අපි විරුද්ධයි.
  7. ජල මූලාශ්‍ර විනාශ කරන පස් ජාවාරමට අපි විරුද්ධයි.
  8. යුගදනව් විදුලි බලාගාරයේ අයිතිය ඇමරිකාවට පැවරීමට අපි විරුද්ධයි.
  9. බැඳුම්කර හොරුන්ට නිදහසේ සිටීමට ඉඩදීම ගැන අපි විරුද්ධයි.
  10. කොරෝනා මර්දනය කිරීම සඳහා විද්‍යාත්මක ක්‍රමය කල් දමමින් කාලි පැණි, රාවණා පැණි සහ මුට්ටි සෙල්ලම් දමමින් ජනතා ජීවිත දහස් ගණනක් අනතුරේ දැමීම ගැන අපි විරුද්ධයි.
  11. අවශේෂ කැලෑ ආරක්ෂාව සම්බන්ධයෙන් නීති ලිහිල් කිරීමට අපි විරුද්ධයි.
  12. සෙලන්දිවා නමින් ආයතනයක් පිහිටුවා කොළඹ නගරයේ වටිනා ඉඩම් විකිණීමට අපි විරුද්ධයි.
  13. වරායේ ඉඩම් අක්කර 13ක් චීනයට විකිණීමට අපි විරුද්ධයි.
  14. රට වසා ඇති කාලයේ ගොවි අස්වනු බෙදා හැරීමට නිසි ක්‍රමයක් නොසෑදීම ගැන අපි විරුද්ධයි.
  15. අවශ්‍ය මොහොතේ රට අගුළු නොදමා ජන ජීවිත වසංගතයට බිලිවීමට ඉඩ හැරීම ගැන අපි විරුද්ධයි.
  16. “එක රටක්- එක නීතියක්” ජනාධිපතිවරණ පොරොන්දුව ඉටු නොකිරීම ගැන අපි විරුද්ධයි.
  17. ජනතාව පීඩාවට පත්කරවමින් ඉන්ධන, ගෑස්, ඖෂධ ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ මිල ඉහල දැමීමට අපි විරුද්ධයි.
  18. වසංගතය නිසා ආදායම් අහිමිවී ජනතාව පීඩාවට පත්වී සිටින මොහොතේ මැති ඇමතිලාට සුඛෝපභෝගී වාහන ගේනවාට අපි විරුද්ධයි.
  19. ආපසු පැමිණෙන රටවිරුවන්ව සූරා කන නිරෝධායන ක්‍රමයට අපි විරුද්ධයි.
  20. ජනාධිපතිවරණ පොරොන්දු අනුව අවුරුදු 26ක් පරණ ගුරු වැටුප් විෂමතාවය නොවිසඳා ගුරුවරුන්ට කාලකන්නි යනුවෙන් ඇමතීමට අපි විරුද්ධයි.
  21. යහපත් අරමුණකින් ජනතාව විසින් එකතු කර දුන් ඉටුකම අරමුදලට වංචා කිරීම ගැන අපි විරුද්ධයි.
  22. රැපිඩ් ඇන්ටිජන් කිට් එකක් රු.180ට අරන් රු.2500 ට විකුණනවට අපි විරුද්ධයි
    එසේම මේ රජය කරන හැම හොඳ දෙයක්ම අගය කිරීම වැදගත් ය.

ප්‍රතිචාරයක් ලබාදෙන්න